බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

විදුහල්පති පණිවිඩය

D.M.J.බන්දුල දිසානායක

                 ගම්පහ දිස්ත්රික්කයේ කැළණි ගං මිටියාවතේ බුද්ධ ස්පර්ශය ලද භූමියක පිහිටි බප/කැල/බියගම මධ්‍ය මහා විද්‍යාලයේ දැනුම,ආකල්ප,කුසලතා වලින් සපිරි පුරවැසියන් බිහි කරන විශිෂ්ට පාසලකි

                    අධ්‍යාපන අංශය,සෞන්දර්ය අංශය,ක්‍රීඩා අංශය යන අංශ වලින් කලාප,පළාත්,සමස්තලංකා තරග ජයග්‍රහණ රැසකට උරුමකම් කියන අතර පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් බොහොමයක් ද අද වන විට රටේ විවිධ තැන්වල විවිධ තනතුරු දරමින් ගුණයෙන් මෙන්ම දැනුමෙන් ද තම මෙහෙවර ඉටු කරනු ලබයි.

                       අප පාසල 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ කලා,වාණිජ,විද්‍යා ගණිත,තාක්ෂණ අංශය දක්වා ඉගෙනුම් ක්‍රියාවලිය සිදුවේ.එසේම අප පාසලද දුර තාක්ෂණ අංශයේ පසුගිය වසර පුරා විශාල දියුණුවක් ඇති කරගෙන ඉදිරියට යමින් පවතී අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශ්ව සමග අදහස් හුවමාරුවේ දී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවියේ ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි විද්‍යාලය සම්බන්ධ සියලුම පාර්ශවයන්ට අප විද්‍යාලයේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වී යැයි ප්‍රාර්ථනා කරමි.

 

 

D.M.J.බන්දුල දිසානායක
විදුහල්පති
බප/කැල/බියගම මධ්‍ය මහා විද්‍යාලය.