බියගම මධ්‍ය මහා විද්‍යාලය

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • කලු පැහැති ඉන පටිය පැළදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • විවිධ වර්ණ සහිත තෝඩු සහ එල්ලෙන කරාබු  නොදිය යුතුය
  • දණහිස් දක්වා ගවුම් 1,1/2" 
  • ඉන නාභිය මට්ටමට
  • කර ඉදිරිපස විවරය උපරිම 5"යි
  • පාසල් ලාංඡනය නිවස වර්ණය සහිත වම්පස මැසිය යුතුය
  • ඉන පටිය 1,1/4" ගාංචු නැත
  • වෙනස් සාක්කු නැත
  • දුබුරු සපත්තු සුදු මේස්
  • කොණ්ඩය මැදින් දෙකට බෙදා කරල්  2කට අග දක්වා ගොතා නවා කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය
  • ගෙතීම්ට අපහසු උරහිස් මට්ටමට වඩා පහත්ට තිබෙන ශිෂ්‍යයාවන්ගේ  කොන්ඩ දෙකක් දමා කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය
  • කළු කුඩා ප්‍රමාණය   කොණ්ඩ කටු පමණක් පැලඳිය යුතු අතර විවිධ වර්ණයන් හා විවිධ හැඩයන්ගෙන් යුත් කොණ්ඩා කටු පැළදීම නොකළ යුතුය
  • විවිධ   විලාසිතාවන්ට කොණ්ඩය සැකසීම නොකළ යුතුය
  • නිල ඇඳුම්ට ගැළපෙන පාසලට සුදුසු බෑගයක් කළු වර්ණය