බියගම මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ පසුබිම

බියගම මාධ්‍ය මහා විද්‍යාලීය වාර්ෂික පොළ 2023

තාක්ෂණ විෂය ධාරාව සදහා සිසුන් බදවා ගැනේ

පන්ති අලංකරණ වැඩසටහන

DSC_5691.jpeg
DSC_5544g.jpeg
DSC_5663.jpeg
DSC_5683.jpeg
DSC_5685.jpeg
DSC_5695.jpeg
IMG-20231121-WA0008.jpeg

ගමිපහ දිස්තික්කයේ කැළණිය අධ්‍යාපන කලාපයට අයත් කැලණි ගං මිටියාවතෙහි අක්කර 5ක පමණ සුන්දර බිමිකඩක පිහිටි යා වු බියගම මධ්‍ය මහා විද්‍යාලය 6 -13 දක්වා ශ්‍රේණි ක්‍රියාත්මක සිසුන් 2000ගෙන් පමණ සමන්විත උසස් පෙළ සියලු විෂයධාරා  ක්‍රියාත්මක 1AB  සුපිරි පාසලකි.  100කට ආසන්න නිරන්තර දැඩි කැපවීමකින් යුතව කටයුතු කරන ගුරු මණ්ඩලයකින් සමන්විත වුවකි. විෂය සමගාමි   මෙන්ම ක්‍රීඩා සෞන්දර්ය  ආදී විෂය බාහිර කටයුතවලදී ජයග්‍රහණ අත්පත් කරගනිමින් අධ්‍යාපන කලාපය තුළ කීර්තිමත් නාමයක් රන්දා සිටීමට ඒකී ගුරු  මණ්ඩලය මනා පිටුවහලක් සපයයි .පාසලේ පවතින සුන්දර පාසල් පිරියත දරැවන් වෙත මනා ඉගනුමි පරිසරයක වතාවරණය සකසන්නකි .

            බියගම මැදි මහ විදුහල බියගම ආයෝජන කලාපය අශ්‍රීතව පවතින මිශ්‍ර පාසලකි .රැකියා මාර්ග සුලබ වීම නිසාදෝ දරැවන් තුළ අධ්‍යාපන කෙරහි පවතින්නේ අඩු උනන්දුවකි. පටු සීමාවන් තුළ පවතින ජීවන බලපොරොතු ඉටු කර ගැනීමට වෙහෙසෙන ඔවුන් ඉහළ අධ්‍යාපන අරමුණු කරා මෙහෙය වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත . දරැවන්  තුල අධ්‍යාපනික ආශාවන් දල්වා ලීමට තවත් බාධකයක්  වන්න්හේ ඔවූනගේ ජීවන පරිසරයයි. සාමන්‍ය අඩු අධ්‍යාපනික මටිටමක් සහිතව  පහළ සමාජ මටිටමි සහිත පවුල් පසුබිමක්  සහිත ඔවුනට නිවසින් ඒවැනි ඉගෙනුම් වටපිටාවක්  නොමැති නිසාම දරුවන් තුල අධ්‍යාපනයේ වටිනාකම රෝපණය කිරීමට පෙර දෙමාපියන් තුල  ඇති කිරීම කල යුතුය. නමුත් ඒය අසීරැ කටයුත්තකි. එම විසිරැණු බිදුන පවුල් පසුබිමද දරැවන් ඉගෙනුමට  අරුත් එක් කිරීමට හේතු වී ඇත.  පරිවාස දෙපාර්මේන්තුව සහ අනුබද්ධිත ළමා නිවාසයක දරැවන්ද පැමිනෙනේ අප විද්‍යාලයටයි. ඒ දරැවන් නිරත්තරයෙන් සමබර මානසික මටිටමක නොවන පිරිසක් නිසාම ඔවුන්ගේද ඒකී අධ්‍යාපනික අරමුණු කරා ළගාවීමෙ බලාපොරොත්තු තබා ගැනීම උගහටය.

             අවුරැදු 75ක පමණ ඉතිහාසයට හිමිකමි කියන අප පාසල පළමුව ආරමිභව ඇත්තේ පිරිමි පාසලක් ලෙසිනි. පසුකාලීනව මහා විදුහලක්  ලෙසින් වර්ධනය වු ප්‍රදේශයේ ජනප්‍රියව පවතින පාසලකි. අතීතෙය් සිට ගත්කළ සාමන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵලයන්හී සුවශේෂි වර්ධනයක් දැකගත නොහැකිය.  විෂය පරිබාහිර කටයතු සදහා සහභාගීතත්වයෙන් අඩු  බව නිසාම ජයග්‍රහණ වෙත ලගාවීමේ  අවස්ථතා ද අඩු වී ඇත.

               පාසල් සම්ප්‍රදාය තුළ අප පාසල ඊට සුවශේෂී  ලක්ෂණයන්ගෙන් යුක්ත වූවකි. පාසල් නිවාඩුකාලින පැවැරුම් ලබාදීමේදී සියලු දරුවන්ට සියලු විෂයයන් ආවරණය වන පරිදි පැවැරුම් ලබාදෙන අතර එය ගුරුභවතුන් හා විදුහපතිතුමා නිරීක්ෂණය කරනු ලබයි. එමෙන්ම සියලු විභාග රජයේ විභාග ආකාරයෙන් පවත්තනු ලබන අතර සාමාන්‍ය විභාගයෙදී ප්‍රවේශපත්  මුද්‍රණය කරමින් විභාග මානසිකත්වයට දරුවා හුරු කරවයි. දිනපතා සිසුන්ගේ විනය කටයුතු පිරික්සීමට ගුරුභවතුන් දිනපතා විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇත. එමෙන්ම වාර්ෂිකව සියලු සිසුන් වෙනුවෙන් පෞරුෂ සංවර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම සියලු සිසුන් වෙන් වෙන්ව ඔවුන්ගේ සාධන මට්ටම් විශ්ලේෂණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර එය වාර තුනටම ක්‍රියාත්මකය. එමෙන්ම වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් එකම දිනයකදී ඉතාම විධිමත් හා සාර්ථක ලෙසින් ක්‍රියාත්මකය. සෑම මසකම පෙර පොහොය වැඩසටහන් ශ්‍රේණි මට්ටමින් සංවිධානය කෙරෙන අතර සිසුන් ජාතික විභාග සඳහා සුදානම් වන සෑම අවස්ථාවකදීම බෝධි පූජා, පිරිත් සජ්ජායනා කොට ආශීර්වාද කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකය. සාරධර්ම වැඩසටහන් මෙන්ම සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම සදහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ද  ක්‍රියාත්මක කරනු ලබයි. සිසුන් සදහා පමණක් නොව ගුරු මහත්ම මහත්මීන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මකය. එමෙන්ම සාමාන්‍ය දරුවන්ගේ ප්‍රතිපල ඉහල නැංවීම ඉලක්ක කොට ගෙන සියලු විෂයන්ට විෂය කඳවුරු පවත්වයි.

                      කෙතරම් බාහිර සාධකයන්ගේ අනුබලයක් නොලැබුනද පාසැල් පාර්ශ්වයෙන් කල හැකි උපරිමය දරුවන් වෙත ලඟාකරවීම විද්‍යාලයේ සුවිශේෂී ලක්ෂණයකි. එහි දී නව නිපැයුම්කරුවන් බිහි කිරීමට පෙළඹවීම විශේෂ ලක්ෂණයකි. සියළු ක්‍රීඩාවන් වෙත ළමුන් ළඟා කරවීමේ අරමුණින් සියලු ක්‍රීඩාවන් සඳහා අවස්ථාව සලසා ඇත. බාලදක්ෂ, ශිෂ්‍යභට බාලක බාලිකා, පරිසරභට මෙන්ම නූතන ලෝකයට ගැලපෙන දරුවන් බිහිකරවීමේ අරමුණින් තාක්ෂණ භාවිතාකරමින් අධ්‍යාපනය ලබා දීමටද ක්‍රියාත්මකය “Smart School” වැඩසටහන යටතේ දරුවන් වෙත තාක්ෂණික උපකරණ භාවිතයෙන් ඉගැන්වීමද සිදුකරනු ලබයි. Covid-19 වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ මාර්ගගත ඉගැන්වීමේ ක්‍රමය (LMS) තවදුරටත් වැඩි දියුණු කරමින් පවත්වාගෙන යනු ලබයි.